Skip to content Skip to sidebar Skip to footer

Notices for 17/11/2024

17/11/24

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

ශු.එම්මානුවෙල් පළාත් සභිකයින්ගේ 164 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024  දෙසැම්බර් මස 08 වන ඉරුදින දින පෙ.ව. 9.30ට පළාත් ශාලාවේ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමු.

එදිනට ඉදිරිපත් කිරීමට සදහා යම් යෝජනා ඇතොත් 2024 නොවැම්බර් 27 වන දින ප.ව. 5.30ට පෙර ලිඛිතව යෝජක හා ස්ථිරකරුවන්ගේ නම් හා අත්සනින් යුතුව පළාත් කාර්යාලයට භාර දෙන මෙන් ඉල්ලා සිටිමු.

න්‍යාය පත්‍රය,දේවස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.

“උදුවප් Frosty Fest” නමැති විනෝදාත්මක නත්තල් වෙළෙද සැණකෙළියක් මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානය විසින් සංවිධානය කර ඇත. එය එම දේවස්ථාන පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් 14 වන දින සවස 5.00 සිට පැවැත්වේ. 

එය සංවිධානය කර ඇත්තේ මොරටුව ලංකා සභා ප්‍රදේශිකයේ දේවස්ථානයන්හි   සභිකයින් සඳහා නව වෙළෙද හා තලෙන්ත එළිදැක්වීමේ අවස්ථා නිර්මාණය කිරීමේ 

අදහසිනි. 

එම නිසා කුටි නොමිලේ ලබා දෙනු ඇත. ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ උපාංග, අත්කම් සහ සැරසිලි, විසිතුරු පැල, වෙලෙඳ ප්‍රදර්ශන සහ  වෙනත් කුටි සදහා විවෘතවේ. 

තවද සභිකයින්නේ සංගීත කණ්ඩායම්, DJ වරුන්, කැරෝල් ගීත කණ්ඩායම්, සහ ගයකින් එළිදැක්වීම  සඳහා  වේදිකා අවස්ථා දෙනු අතර ශබ්ද හා වාදන භාණ්ඩ පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත. 

ඔබ සැමට ආරාධනා!

Notices from the Incumbent and Board of Wardens.

Notice is hereby given that the 164th Annual General Meeting of the congregation of Holy Emmanuel Church Moratuwa will be held on Sunday 8th of December 2024 at the Parish Hall commencing 9.30am.

Any Resolutions for consideration, should be handed over to the Parish Office in writing, with the names and signature of the proposer and seconder, not later than 5.30pm on 27th November 2024.

Please refer notice board for the Agenda.     

“උදුවප් Frosty Fest” A Christmas Food & Trade Fair with Games & Entertainment is Organized by Holy Emmanuel Church Moratuwa. It will take place at its Church Premises on the 14 December 2024, from 5.00 pm onwards. 

This event is organized with the idea of creating sales and trade opportunities for businesses and promoting talents of parishioners within the Church of Ceylon Moratuwa Deanery. 

Hence, stalls will be offered free. Open for food, clothes & accessories, handy crafts & decor, plants, trade exhibition & other stalls. 

There will also be stage opportunities for church members’ bands, DJs, carol groups, and singers to perform. Sound and instrument facilities will be provided free of charge. 

We invite everyone to join. Save the Date!

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන නොවැම්බර් මස 15 වන සිකුරාදා පොහෝ දින නොපැවැත්වෙන අතර, එම වැඩසටහන 23 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 10.30 දක්වා අප දේවස්ථානයේ දී පැවැත්වේ. එදින දේශනය කැප්ටන් යොහාන් පීරිස් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notices from the Evangelical Committee.

“Sudathun Hamuwemu” Spiritual programme will not be held on Friday, 15th of this month (Poya day). It will be held on Saturday, 23rd from 8.30am to 10.30am at the Church. The preacher will be Captain Yohan Peiris. All are Welcome.

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

  • වාර්ෂිකව පවත්වනු ලබන සන්ෂයින් නිවාසයේ නේවාසිකාවන්ගේ තලෙන්ත දැක්ම සහ  සල්පිල මෙම මස 24 වන ඉරුදින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසුව පළාත් ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරමු.
  • එදින නොමිලේ සිදුකරන වෛද්‍ය උපදේශන මාලාවන් සහ වෛද්‍ය පරික්ෂණ ද  පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
  • ඔබ සතුව ඇති පාවිච්ච් කරන ලද වෙනත් කෙනෙකුට පාවිච්චි කල හැකි  ඇදුම්,අත් බැග්,සපත්තු සහ නිවසට අවශ්‍ය වන උපකරණ (Nearly New) ඇත්නම් නොවැම්බර් මස 20 වන දිනට පෙර සන්ෂයින් නිවාසයට භාර දෙන්න.
  • එදින දහවල් ආහාරය සදහා ටිකට් පත් දීප්ති ප්‍රනාන්දු මහත්මියගෙන් ලබා ගත හැක.

Notice from the Sunshine Home.

  • The Annual Sale at the Sunshine Home will be held on Sunday 24th November after the 7.30am service at the Parish Hall. All are Welcome.
  • Please note that there will also be a free medical booth on that day.
  • If you have any nearly new clothes, hand bags, shoes, any house holding items please hand them over to Sunshine Home before November 20th.
  • Tickets for lunch on that day can be obtained from Mrs. Deepti Fernando.

ගෘහ සෛල.

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා (එනම් අද දින) , 19 වන අගහරුවදා, 21 වන බ්‍රහස්පතින්දා සහ 22 වන සිකුරාදා දිනයන් හි දී  ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

  1. මතිලාල් ප්‍රනාන්දු  – 7/11,ශ්‍රීමාල් මෙන්ඩිස් මාවත,රාවතාවත්ත – 21 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.ට 
  2. නාමල් සහ මිහිරි ප්‍රනාන්දු – ශාන්ත පීතර මාවත,කොරලවැල්ල – 19 වන අගහරුවදා- ප.ව.6.30 ට
  3. රාම්යා පීරිස් – රොලී ප්‍රනාන්දු මාවත,කටුබැද්ද – 22 වන සිකුරාදා – ප.ව.7.00 ට
  4. ඩෙලිටා ප්‍රනාන්දු – මෙන්ඩිස් පාර,ඉඩම – 17 වන ඉරිදා – සවස 5.00 ට 
  5. වේලාඩ් ප්‍රනාන්දු – 7, 2 වන පටුමග,රාවතාවත්ත – 22 වන සිකුරාදා – ප.ව.7.00 ට
  6. හර්ෂි ප්‍රදිනාන්දු – ලේඩි එව්ලින් ද සොයිසා පාර,ඉඩම – 21 වන බ්‍රහස්පතින්දා – ප.ව.7.30 ට  

Home Cell

Prayer cell will be held at the following residences on 17th Sunday, 19th Tuesday, 21st Thursday and 22nd Friday November ‘2024.

  1. Mathilal Fernando – 7/11,Srimal Mendis Mw, Rawathawatta – 21st Thursday – 7.00pm
  2. Namal & Mihiri Fernando -St. Peter’s Church Road, Koralawella – 19th Tuesday – 6.30pm
  3. Ramya Peiris – Rolly Fernando Mw, Katubedda – 22nd Friday – 7.00pm
  4. Delita Fernando – Mendis Lane, Idama – 17th Sunday – 5.00pm 
  5. Wellard Fernando – 7,2nd Lane, Rawathawatta – 22nd Friday – 7.00pm
  6. Harshi Ferdinando – Lady Evelyn de Soysa Road,Idama – 21st Thursday – 7.30pm

කොළඹ අගරදගුරුතුමාගේ දැන්වීමක්. 

ශ්‍රි ලංකාවේ සියලුම  ලංකා සභා දේවස්ථාන වෙත දන්වා සිටින්නේ ප්‍රදීප් ජේසුදියන් කොළඹ දියෝකිසියට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ඔහුට කිසිදු දිව්‍ය පුජාවක් හෝ අප දේවස්ථාන වල යාච්ඤාවක් කිරීමට හෝ අවසර නොමැති අතර  

ඇන්ග්ලිකානු දේවගැතිවරයෙකු සහභාගි වන ඕනෑම නිවසක හෝ උත්සවයක මොහුට එහි කිසිදු  ආත්මික ක්‍රියාවලියක යෙදීමට නොහැකි අතර ඒ සදහා සහභාගිවිමටද නොහැක. ඒ සදහා ආරාධනයද කල නොහැක. ප්‍රදීප් ජේසුදියන්ගෙන් යම් දේවස්ථානයකට එම නාමය ඡන්ද නාම ලේකනයට ඇතුළත් කිරීමට ඉල්ලීමක් ලද හොත් එය තම අනුනායකතුමා වෙත යොමුකළ යුතුය. ලංකා සභා කොළඹ දියෝකිසිය ඔහුගේ සේවයත් සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව බව මෙයින් සදහන් කර සිටියි. 

ඇතිගරු.දුෂාන්ත රොද්‍රිගු

කොළඹ රදගුරුතුමා

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.