21/7/2024
පළාත භාර පියතුමාගේ දැන්වීම්.
-ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
පළාතභාර පියතුමා හා භාරකාර මන්ඩලයේ දැන්වීමක්.
දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු රාශ්‍රියක් සිදුකිරීමට ඇති බව මේ වන විට ඔබ කව්රුත් දන්නා කරුණකි. ඒ සදහා මුදල් එකතුකර ගැනීමේ අරමුණින් ජුලි මස 27 වන සෙනසුරාදා සහ 28 වන ඉරිදා “දස පනත” නමින් සුසිල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද නාට්‍යක් නළු නිලියන් 60 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 27 සහ 28 දෙදින රු.1500/= සහ රු.1000/= ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන් වි ඇති අතර 27 සහ 28 යන දෙදින සදහා රු.500/= ප්‍රවේශ පත්‍ර ස්වල්පයක් ඉතිරිව ඇත. එම නිසා ඉතා ඉක්මනින් ඔබගේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න.
අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.
අප සංගමයේ 118 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුලි මස 28 වන ඉරුදින පෙ.ව.11.00ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන ලෙස ඇරයුම් කෙරේ. එදිනට ඉදිරිපත් කිරීමට ඇති යෝජනා ඇත්නම් 2024 ජුලි මස 21 වන දිනට ප්‍රථම යෝජක සහ ස්තිරකරුගේ අත්සනින් යුතුව ලේකම්තුමාට භාර දෙන්න.
න්‍යාය පත්‍රය දැන්වීම් පුවරුවේ පල කර ඇත.
තරුණ සංගමයේ දැන්වීමක්.
2024 ජුලි මස 14 වන දින පැවැති තරුණ සංගමයේ 83 වන වාර්ෂික මහසභා රැස්වීමේදී 2024/2025 වර්ශය සදහා පත්වූ නිලධාරීන් මෙසේය.
සභාපතී – ගරු. මලින්ද ද මැල් පියතුමා
උපසභාපතී – තෙපුලි ද සිල්වා
ලේඛම් – සෙනීසා පෙරේරා
උප ලේඛම් – තීක්ෂණ ද සිල්වා
භාණ්ඩාගාරික – නිෂාම් පීරිස්
උපභාණ්ඩාගාරික – ඉසුරි ලක්ෂිකා
ආත්මික ලේඛම් – මේශාක් ද මැල්
සමාජ ලේඛම් – දෙව්දුන්යා ප්‍රනාන්දු
අධ්‍යාපනික ලේඛම් – රන්දෙව් ධර්මරත්න
ක්‍රීඩා ලේඛම් – සුදාර ප්‍රනාන්දු
ගෘහ සෛල.
2024 ජුලි මස 25 වන බ්‍රහස්පතින්දා දින ගෘහ සෛල පහත නිවසෙහි පැවැත්වේ.
1)ලින්ටන් සහ විනිතා වර්ණසුරිය නිවස
6 වන පටුමග, රාවතාවත්ත
25 වන බ්‍රහස්පතින්දා
සවස 5.00 ට
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.