Skip to content Skip to sidebar Skip to footer

Notices for 29/12/2024

29/12/2024

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.

දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය) 

ජනවාරි  1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි 

ජනවාරි  1 වන දා උදැසන 7.30ට – සිංහල

ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)

පළාතභාර  පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

අපගේ සහකාර පියතුමන් වන ගෞ.සාගර පෙරේරා පියතුමා 1 ක් වසරක කාලයක් සේවය කර මෙම වසර අවසානයේදී අප පළාතෙන් මාරු වි වෙනත් පළාතකට යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත. 

ඒ සඳහා ද ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස  ඉල්ලා සිටිමු. 

 මේ වෙනුවෙන් ලැයිස්තුව පළාත් කාර්යාලයේ තබා ඇත.

2025 ජනවාරි මස 6 වන සදුදා දින සවස 4.00 ට මුල් ආසන දෙව් මැදුරේදී අප පළාත් සභිකයකු වන ගෞ. මිරංග පීරිස් දියාකෝන්තුමා පුජක පදවියට පත් කිරීමේ දේව මෙහෙය පැවැත්වෙන අතර එයට සහභාගී වීමට කැමති අය වෙතොත් ප්‍රවාහන පහසුකම් සුදානම් කිරීම සදහා දෙසැම්බර් මස 31 හෝ ඊට ප්‍රථම පළාත් කාර්යාලයට නම් දෙන්න.

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.