Skip to content Skip to sidebar Skip to footer

Notices for 30/03/2025

30/3/2025

පළාත භාර පියතුමාගේ දැන්වීම්.

1)ලබන සතියේ බයිබල් අධ්‍යනය පැවැත්වෙන්නේ අගහරුවදා සවස 4.00 ට බව කරුණාවෙන් සලකන්න.

ඉරුදින පාසැලේ දැන්වීම්.

* ඉරිදා පාසැලේ “දෙමාපිය හමුව” මාර්තු 30 එනම් අද දින පෙරවරු 10.00 ට පැරණි පළාත් ශාලාවේ දී පැවැත්වෙන අතර, ඒ සඳහා සියළුම දෙමාපියන්ට සහභාගී වන ලෙස ආරාධනා කර සිටිමු.

*අද දින ඉරිදා පාසැල් කාලය තුල දරුවන් සඳහා විශේෂ වැඩසටහන් පැවැත්වේ. දරුවන්ට අභියෝගයක් වන කාලීන ගැටළු සම්බන්ධයෙන් දරුවන්ගේ හදවතට කතා කරන්න මෙම වැඩසටහනට ඔබේ දරුවාව අනිවාර්යයෙන් යොමු කරන්න.

මව් සමිතියේ දැන්වීමක්.

මව් සමිතිය විසින් වාර්ෂිකව සංවිධානය කරන රස කැවිලි පොළ මෙවරත්, අප්‍රේල් මස 6 වන දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසු පැවැත්වේ. උදැසන ආහාර සහ රස කැවිලි වර්ග ඔබට මිලදී ගත හැක. දහවල් ආහාරයද ඔබට මිලදී ගත හැකි බැවින් එය සදහා ටිකට් පත් නිකුත් වි ඇත. ඔබගේ නොමසුරු සහයෝගය දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

සන්ෂයින් නිවාසයේ කොඩි දිනය අද දිනට (2025.03.30) යෙදී ඇත. ඔබත් කොඩියක් මිල දී ගෙන ඔබගේ සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමු. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්.

චතාරික කාලයට සමගාමීව පැවැත්වෙන “මාගේ කුරුසි ගමන” ආත්මික වැඩසටහන අප්‍රේල් මස 5 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 6.30 දක්වා අප දේවස්ථාන පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය ගෞ.රණදේව ඩයස්,ගෞ. තරංග චම්ම්ලාල් සහ ගෞ. වෙස්ලි ඇලෙක්සැන්ඩර් යන දේවගැතිවරුන් විසින් මෙහෙයවනු ලැබේ.

අවු. 3-12 අතර ළමුන් සදහා විශේෂ වැඩසටහනක් ද පැවැත්වේ. අද දිනය අයදුම්පත් භාරගන්නා අවසාන දින බැවින් ඔබගේ පැමිණීම අදම  සනාථ කරන්න.