Skip to content Skip to sidebar Skip to footer

Notices for 30/06/2024

30/6/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින උදැසන 7.30 දේවමෙහෙය පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 

-අද දින ස්ථිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

පළාතභාර පියතුමා හා භාරකාර මන්ඩලයේ දැන්වීමක්.

දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු රාශ්‍රියක් සිදුකිරීමට ඇති බව මේ වන විට ඔබ කව්රුත් දන්නා කරුණකි. ඒ සදහා මුදල් එකතුකර ගැනීමේ අරමුණින් ජුලි මස 27 වන සෙනසුරාදා සහ 28 වන ඉරිදා “දස පනත” නමින් සුසිල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද නාට්‍යක් නළු නිලියන් 60 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මේ සදහා ප්‍රවේශ පත්‍ර රු.1500/=, රු.1000/= සහ රු.500/= ක් වන අතර ඒවා අද දින සිට ඔබට මිලදී ගත හැක. එබැවින් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන මේ සදහා ඔබගේ නොමසුරු දායකත්වය අප හට ලබා දෙන්න.   

තරුණ සංගමයේ දැන්විමක්.

තරුණ සංගමයේ 83 වන වාර්ෂික මහ සභා රැස්වීම 2024 ජුලි මස 07  වන ඉරුදින පෙරවරු 11.00 ට නව පළාත් ශාලාව්දී පැවැත්වේ. ඒ සදහා තරුණ සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගෙන් පැමිණීම අපේක්ෂා කරමු.

මව් සම්තියේ දැන්වීමක්.

අපගේ 83 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුලි මස 14 වන ඉරුදින ප.ව. 3.30 ට සන්ෂයින් ශාලාවේදී පැවැත්වේ. සියලුම සාමාජිකයින්ගේ පැමිණීම ඉතා අගය කරමු.

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

අප නිවාසයේ වාර්ෂිකව පවත්වනු ලබන ගරාජ් සේල් එක අද දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසුව සන්ෂයින් නිවාසයේ දී පැවැත්වේ. ඔබත් පැමිණ ඔබගේ දායකත්වය දක්වන මෙන් ඉල්ලමු.   

කොල්ලුපිටිය ශාන්ත මිඛායෙල් හා සියලු දේවදුතයන්ගේ දේවස්ථානයේ දැන්වීමක්.

කොල්ලුපිටිය ශාන්ත මිඛායෙල්තුමාගේ දේවස්ථානය විසින් “Music Day” නමින් නමස්කාර සැදැවක් 2024 ජුනි මස 30 වන දින සවස 6.00 ට (එනම් අද දින) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියි. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

ජාත්‍යන්තර ගිඩියන්වරුන්ගේ දැන්වීමක්.

අද දින උදැසන 7.30 දේවමෙහෙය සදහා ගිඩියන් ජාත්‍යන්තර සංවිධානයේ මොරටුව ශාඛාවේ සාමාජිකයින් සහභාගී වේ.. නොමිලේ බෙදාහැරීම පිණිස මුද්‍රණය කරනු ලබන බයිබල් සදහා ඔබගේ ආධාර දේව මෙහෙන් පසුව එකතු කරනු ලැබේ. ඒ සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න.  

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.