Skip to content Skip to sidebar Skip to footer

Notices for 10/12/2023

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

*නත්තල් සමයේ හා අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.
දෙසැම්බර් මස 17 වන දා සවස 6.00 ට නත්තල් කැරොල්
24 වන දා උදැසන 7.30 සිංහල එක් දේවමෙහෙයක් පමණි.
24 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නත්තල බලපොරෝත්තුවීමේ දේවමෙහෙය)
25 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 7.30ට – සිංහල (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 10.00ට – සිංහල (නත්තල් දේවමෙහෙය ගිලනුන් උදෙසා)
27 වන දා සවස 6.00 ට – දේවස්ථානයේ 163 වන සංවත්සරික දේව මෙහෙය හා සක්ෂිදැරීමේ පෙරහැර ඉන් අනතුරුව එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වේ. ටිකට් පතක් රු.200ක් වේ ඒවා පළාත් කාර්යාලයෙන් ලබා ගන්න.
දෙසැම්බර් 31 වන ඉරුදින උදැසන 6 සහ 7.30 දේවමෙහෙයන් පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. එදින සවස දේවමෙහෙය නොපැවැත්වේ.
දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය)
ජනවාරි 1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි
ජනවාරි 1 වන දා උදැසන 7.30ට – සිංහල
ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)

Notices from the Incumbent.

*Christmas and New Year Services times are as follows.
December 17th – Carol service 6.00pm.
24th Sunday 7.30am Sinhala, one service only.
24th – 11.30 pm – Sinhala (Watchnight Service)
25th – 5.30 am – English (Christmas Service)
25th – 7.30 am – Sinhala (Christmas Service)
25th – 10.00am – Sinhala (Christmas Service for Sick)
27th – 6.00pm – Church 163rd Anniversary Service (Procession followed by dinner. Price of a ticket is Rs.200/=. Available at Parish Office)
31st December Sunday
6am – English svs
7.30am – Sinhala svs
5.00pm – NO Evening SVS
31st December – 11.30pm – Sinhala (Midnight Service)
1st Jan – 5.30am – English (New Year Service)
1st Jan – 7.30am – Sinhala (New Year Service)
1st Jan – 10.00am – Sinhala (New Year Service for Sick)

සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට සහ බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට සුපුරුදු පරිදි පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
Please note that the Healing Service will be held next Thursday at 6pm. Bible Study on Wednesdays at 6.30pm.

පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්

ශු.එම්මානුවෙල් පළාත් සභිකයින්ගේ 163 වන වාර්ෂික මහා සභා රැස්වීම 2023 දෙසැම්බර් මස 10 වන ඉරුදින දින එනම් අද දින පෙ.ව. 9.30ට පළාත් ශාලාවේ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමු.

න්‍යාය පත්‍රය,දේවස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.

Notices from the Incumbent and Board of Wardens.

Notice is hereby given that the 163rd Annual General Meeting of the congregation of Holy Emmanuel Church Moratuwa will be held today Sunday 10th of December 2023 at the Parish Hall commencing 9.30am.

Please refer notice board for the Agenda.

අපගේ වාර්ෂික වාර්තාව නිකුත් වී ඇත. පවුලකට එක බැගින් වාර්තාවක් පළාත් කාර්යාලයෙන් ඔබට ලබා ගත හැක.
Please collect your copy of the Annual Report from the Parish Office.
2023 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 163 වන සාංවස්තරික දේවමෙහෙය විශ්‍රාමික කිර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමිපාණාන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.00 ට පැවැත්වේ.
මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, කැනන් ජේකබ් මෙන්ඩිස් මාවත, මෙන්ඩිස් ලේන්, M.J.C. ප්‍රනාන්දු මාවත, රාවතාවත්ත 2 වන පටුමග, රාවතාවත්ත 1 වන පටුමග හරහා J.L. ප්‍රනාන්දු මාවත (BLAඉදිරිපස පාර) ඔස්සේ දේවස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත.

දේවමෙහෙයෙන් අනතුරුව සුපුරුදු පරිදි එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වෙන අතර ඒ සදහා ටිකට් පතක් රු.200/= වේ. එම ටිකට් පත් අද දින සිට පළාත් කාර්යාලයෙන් හෝ ඔබ පළාතට නම් කර ඇති සහය නිලධාරීන්ගෙන් ලබා ගත හැක. ටිකට් පත් නිකුත් කරන අවසාන දිනය දෙසැම්බර් මස 20 වන දින බැවින් අවසන් මොහොත වන තෙක් නොසිට ඔබගේ ට්කට් පත් කල් වෙලා ඇතුව මිලදී ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සදහා ඔබ දක්වන්නාවූ සහයෝගය ගැන අපි ඉතා අගය කොට සලකමු.
163rd Church Anniversary will be held on December 27th 2023, starting at 6.00pm and the preacher will be Rt. Rev. Keerthisiri Fernando. (Bishop Emeritus)

This year procession route will be Cannon Jacob Mendis Mw, Mendis Lane,MJC F’do Mw,Rawathawatta 2nd Lane, Rawathawatta 1st Lane & returning to church through JL Fernando Lane. (Infront of BLA)

Soon after the service dinner will be held as usual and the price of a ticket would be Rs.200/=. The tickets can be obtained from Parish Office or the Sides person whom have been appointed for your area. The last day would be 20th December and we would like to request you to buy your tickets at your earliest.

අපගේ සහකාර පියතුමන් වන ගෞ.ඉන්දික පෙරේරා පියතුමා වසර 4ක කාලයක් සේවය කර මෙම වසර අවසානයේදී අප පළාතෙන් මාරු වි වෙනත් පළාතකට යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත.

එසේම කඩලාන දේවස්ථානයේ සේවය කල ගෞ.හෂාන් ද මැල් පියතුමාද සේවා ස්ථාන මාරුවක් ලබා ඉවත්ව යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස එතුමාටද තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත. ඒ සඳහා ද ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

මේ වෙනුවෙන් ලැයිස්තුව පළාත් කාර්යාලයේ තබා ඇත.

Our Assistant priest Rev. Indika Perera would be bidding us good bye after a service of 4 years, hence we have decided to give a token of appreciation to him.

At the same time, we have decided to give a token of appreciation to Rev. Hashan de Mel who will be bidding good bye at the end of this year.

Therefor we would be like to request from our parishioners to make your genours contributions towards this and the list will be available at the Parish Office.

බාල සමාජයේ දැන්විමක්.

අප බාල සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම 2023 දෙසැම්බර් මස 10 වන ඉරුදින දින එනම් අද දින ප.ව. 4.00 ට පැරණි පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලු සාමාජිකයින්ගේ පැමිණීම අපේක්ෂා කර සිටියි.

Notice from the Junior Guild.

The Annual General Meeting of the Junior Guild will be held today the 10th December 2023 at 4.00pm. All members are expected to attend.

ඉවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්.

1)“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන දෙසැම්බර් මස 16 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 10.30 දක්වා විශේෂ නත්තල් වැඩසටහනක් ලෙස පළාත් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින දේශනය අප පළාතභාර ගෞ.මලින්ද ද මැල් පියතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම ඉතා අගයකොට සලකන්නෙමු.

2)රෝහල්ගත වූවන්ගේ සුවදුක් විමසා, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට වැඩසටහනක් අප දේවස්ථානය මගින් සංවිධානය කිරීමට කටයුතු කර ඇත. ඒ සදහා පවත්වනු ලබන පෙරහුරු වැඩසටහනක් 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත අතර එයට ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වීමට කැමති ඔබගේ නම් පළාත් කාර්යාලයට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

Notices from the Evangelical committee.

1)“ Sudathun Hamuwemu” spiritual program has been arranged to be held on Saturday 16th of December from 8.30am – 10.30am as a special Christmas program at the Parish Hall.
The Preacher will be the Incumbent of our church Rev. Malinda de Mel.
We appreciate your presence.

2)Our church has organized a program to inquire about the well being of the hospitalized and pray for them. A rehearsal program for that purpose is scheduled to be held in January 2024 and those who wish to volunteer for it are requested to give your names to the Parish Office.