Skip to content Skip to sidebar Skip to footer

Notices for 26/11/2023

2023 නොවැම්බර් මස 26 වන ඉරුදින සදහා දැන්වීම්…

1)පළාතභාර පියතුමාගේ දැන්වීම්. 

  • සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට  සහ බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට සුපුරුදු පරිදි පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 
  • දෙසැම්බර් 3 වන දින “ඇඩ්වන්ට් ඉරුදින” බැවින් එදින දේවමෙහෙයට නිල් පාටින් සැරසී එන්න. 

Notices from the Incumbent.

  • Please note that the Healing Service will be held as usual on Thursdays at 6pm and Bible Study on Wednesdays at 6.30pm.
  • 3rd of December will be “Advent Sunday” Since it is a very important day in the Anglican Liturgical Calendar, Please dress in blue.   

2) පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්

A) ශු.එම්මානුවෙල් පළාත් සභිකයින්ගේ 163 වන වාර්ෂික මහා සභා රැස්වීම 2023  දෙසැම්බර් මස 10 වන ඉරුදින දින පෙ.ව. 9.30ට පළාත් ශාලාවේ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමු.

එදිනට ඉදිරිපත් කිරීම සදහා යම් යෝජනා ඇතොත් 2023 නොවැම්බර් 29 වන දින ප.ව. 5.30ට පෙර ලිඛිතව යෝජක හා ස්ථිරකරුවන්ගේ නම් හා අත්සනින් යුතුව පළාත් කාර්යාලයට භාර දෙන මෙන් ඉල්ලා සිටි.

න්‍යාය පත්‍රය,දේවස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.

Notices from the Incumbent and Board of Wardens.

Notice is hereby given that the 163rd Annual General Meeting of the congregation of Holy Emmanuel Church Moratuwa will be held on Sunday 10th of December 2023 at the Parish Hall commencing 9.30am.

Any Resolutions for consideration, should be handed over to the Parish Office in writing, with the names and signature of the proposer and seconder, not later than 5.30pm on 29th November 2023.

Please refer notice board for the Agenda.     

B) පසුගිය සෙනසුරාදා එනම් 18 වන දින පැවැත්වූ කෙටි නාට්‍යය උළෙල සාර්ථක වූ බව දන්වන අතර එය සාර්ථක කරගැනීමට මුදලින් උපකාර කල සැමටත් ටිකට් පතක් ගෙන එය නැරඹිමට පැමිණි ඔබ සැමටත් දෙවියන්වහන්සේගේ සියලු ආශිර්වාදය ලැබේවා කියා අපි ඉතසිතින් පතමු.  එසේම එම නාට්‍ය උළෙලට රංගනයෙන් දායකවීමට අප පළාතේ ඉදිරිපත් වූ සැමටත් අපගේ හදපිරි ස්තුතිය පිරිනමමු.  

We would like to inform you that the Drama Festival held last Saturday, the 18th, was a success and we would like to thank of everyone who gave genours contributions to make it a success and those who came to see it, also we are very grateful to everyone in our parish who participated in the drama festival.  

C) අපගේ වාර්ෂික වාර්තාව නිකුත් වී ඇත. පවුලකට එක බැගින් වාර්තාවක් පළාත් කාර්යාලයෙන් ඔබට ලබා ගත හැක. 

Please collect your copy of the Annual Report from the Parish Office. 

D) 2023 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 163 වන සාංවස්තරික  දේවමෙහෙය පස්වරු 6.00 ට පැවැත්වේ. 

මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, කැනන් ජේකබ් මෙන්ඩිස් මාවත, මෙන්ඩිස් ලේන්, M.J.C. ප්‍රනාන්දු මාවත, රාවතාවත්ත 2 වන පටුමග, රාවතාවත්ත 1 වන පටුමග හරහා  J.L. ප්‍රනාන්දු මාවත (BLAඉදිරිපස පාර) ඔස්සේ දේවස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත.

දේවමෙහෙයෙන් අනතුරුව සුපුරුදු පරිදි එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වෙන අතර ඒ සදහා ටිකට් පතක් රු.200/= වේ. එම ටිකට් පත් ලබන ඉරුදින සිට එනම් දෙසැම්බර් මස 3 වන දින සිට පළාත් කාර්යාලයෙන් හෝ ඔබ පළාතට නම් කර ඇති සහය නිලධාරීන්ගෙන් ලබා ගත හැක. ටිකට් පත් නිකුත් කරන අවසාන දිනය දෙසැම්බර් මස 20 වන දින බැවින් අවසන් මොහොත වන තෙක් නොසිට ඔබගේ ට්කට් පත් කල් වෙලා ඇතුව මිලදී ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සදහා ඔබ දක්වන්නාවූ සහයෝගය ගැන අපි ඉතා අගය කොට සලකමු.  

163rd Church Anniversary will be held on December 27th 2023, starting at 6.00pm.

This year procession route will be Cannon Jacob Mendis Lane,Mendis Lane,MJC F’do Mw,Rawathawatta 2nd Lane, Rawathawatta 1st Lane & returning  to church through JL Fernando Lane. (Infront of BLA) 

Soon after the service dinner will be held as usual an  price of a ticket would be Rs.200/=. Tickets would be on sale from next Sunday the 3rd December and it could be purchase from the Parish Office or the Sides person whom have been appointed for your area. The last day would be 20th December and we would like to request you to get your tickets at your earliest. 

E) අපගේ සහකාර පියතුමන් වන ගෞ.ඉන්දික පෙරේරා පියතුමා වසර 4ක කාලයක් සේවය කර මෙම වසර අවසානයේදී අප පළාතෙන් මාරු වි වෙනත් පළාතකට යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත. 

එසේම කඩලාන දේවස්ථානයේ සේවය කල ගෞ.හෂාන් ද මැල් පියතුමාද සේවා ස්ථාන මාරුවක් ලබා ඉවත්ව යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස එතුමාටද තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත. ඒ සඳහා ද ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස  ඉල්ලා සිටිමු. 

මේ වෙනුවෙන් ලැයිස්තුව පළාත් කාර්යාලයේ තබා ඇත.

Our Assistant priest Rev. Indika Perera would be bidding us good bye after a service of 4 years, hence we have decided to give a token of appreciation to him. 

At the same time, we have decided to give a token of appreciation to Rev. Hashan de Mel who will be bidding good bye at the end of this year. 

Therefor we would be like to request from our parishioners to make your genours contributions towards this and the list will be available at the Parish Office.     

3) සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

  • වාර්ෂිකව පවත්වනු ලබන සන්ෂයින් නිවාසයේ නේවාසිකාවන්ගේ තලෙන්ත දැක්ම සහ  සල්පිල මෙම මස 26  වන ඉරුදින එනම් අද දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසුව පළාත් ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරමු.
  • එහිදී නොමිලේ සිදුකරන   වද්‍ය උපදේශන සේවයක්ද පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notice from the Sunshine Home.

  • The Annual Sale at the Sunshine Home will be held today Sunday 26th November after the 7.30am service at the Parish Hall. All are Welcome.
  • Please note that there will also be a free medical booth on that day.

4) බාල සමාජයේ දැන්විමක්.

අප බාල සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම 2023 දෙසැම්බර් මස 10 වන ඉරුදින දින ප.ව. 4.00 ට පැරණි පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලු සාමාජිකයින්ගේ පැමිණීම අපේක්ෂා කර සිටියි.

Notice from the Junior Guild.

The Annual General Meeting of the Junior Guild will be held on the 10th December 2023 at 4.00pm. All members are expected to attend.

  1. දෙසැම්බර් මස 3 වන ඉරුදින සදහා දැන්වීම්…

1)පළාතභාර පියතුමාගේ දැන්වීම්. 

  • සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට  සහ බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට සුපුරුදු පරිදි පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
  • අපගේ නත්තල් කැරොල් ගී දේවමෙහෙය දෙසැම්බර් මස 17 වන ඉරුදින සවස 6 ට දේවස්ථානයෙදී පැවැත්වේ.

Notices from the Incumbent.

  • Please note that the Healing Service will be held as usual on Thursdays at 6pm and Bible Study on Wednesdays at 6.30pm.
  • Our Christmas carol service will be held on Sunday 17th December at 6.00 pm.

2)පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්

A)ශු.එම්මානුවෙල් පළාත් සභිකයින්ගේ 163 වන වාර්ෂික මහා සභා රැස්වීම 2023  දෙසැම්බර් මස 10 වන ඉරුදින දින පෙ.ව. 9.30ට පළාත් ශාලාවේ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමු.

න්‍යාය පත්‍රය,දේවස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.

Notices from the Incumbent and Board of Wardens.

Notice is hereby given that the 163rd Annual General Meeting of the congregation of Holy Emmanuel Church Moratuwa will be held on Sunday 10th of December 2023 at the Parish Hall commencing 9.30am.

Please refer notice board for the Agenda.     

B)අපගේ වාර්ෂික වාර්තාව නිකුත් වී ඇත. පවුලකට එක බැගින් වාර්තාවක් පළාත් කාර්යාලයෙන් ඔබට ලබා ගත හැක. 

Please collect your copy of the Annual Report from the Parish Office.

C) 2023 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 163 වන සාංවස්තරික  දේවමෙහෙය පස්වරු 6.00 ට පැවැත්වේ. 

මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, කැනන් ජේකබ් මෙන්ඩිස් මාවත, මෙන්ඩිස් ලේන්, M.J.C. ප්‍රනාන්දු මාවත, රාවතාවත්ත 2 වන පටුමග, රාවතාවත්ත 1 වන පටුමග හරහා  J.L. ප්‍රනාන්දු මාවත (BLAඉදිරිපස පාර) ඔස්සේ දේවස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත.

දේවමෙහෙයෙන් අනතුරුව සුපුරුදු පරිදි එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වෙන අතර ඒ සදහා ටිකට් පතක් රු.200/= වේ. එම ටිකට් පත් ලබන ඉරුදින සිට එනම් දෙසැම්බර් මස 3 වන දින සිට පළාත් කාර්යාලයෙන් හෝ ඔබ පළාතට නම් කර ඇති සහය නිලධාරීන්ගෙන් ලබා ගත හැක. ටිකට් පත් නිකුත් කරන අවසාන දිනය දෙසැම්බර් මස 20 වන දින බැවින් අවසන් මොහොත වන තෙක් නොසිට ඔබගේ ට්කට් පත් කල් වෙලා ඇතුව මිලදී ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සදහා ඔබ දක්වන්නාවූ සහයෝගය ගැන අපි ඉතා අගය කොට සලකමු.  

163rd Church Anniversary will be held on December 27th 2023, starting at 6.00pm. 

This year procession route will be Cannon Jacob Mendis Lane,Mendis Lane,MJC F’do Mw,Rawathawatta 2nd Lane, Rawathawatta 1st Lane & returning  to church through JL Fernando Lane. (Infront of BLA) 

Soon after the service dinner will be held as usual and price of a ticket would be Rs.200/=. Tickets would be on sale from Sunday the 3rd December and it could be purchase from the Parish Office or the Sides person whom have been appointed for your area. The last day would be 20th December and we would like to request you to get your tickets at your earliest. 

D) අපගේ සහකාර පියතුමන් වන ගෞ.ඉන්දික පෙරේරා පියතුමා වසර 4ක කාලයක් සේවය කර මෙම වසර අවසානයේදී අප පළාතෙන් මාරු වි වෙනත් පළාතකට යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත. 

එසේම කඩලාන දේවස්ථානයේ සේවය කල ගෞ.හෂාන් ද මැල් පියතුමාද සේවා ස්ථාන මාරුවක් ලබා ඉවත්ව යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස එතුමාටද තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත. ඒ සඳහා ද ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස  ඉල්ලා සිටිමු. 

මේ වෙනුවෙන් ලැයිස්තුව පළාත් කාර්යාලයේ තබා ඇත.

Our Assistant priest Rev. Indika Perera would be bidding us good bye after a service of 4 years, hence we have decided to give a token of appreciation to him. 

At the same time, we have decided to give a token of  appreciation to Rev. Hashan de Mel who will be bidding good bye at the end of this year. 

Therefor we would be like to request from our parishioners to make your genours contributions towards this and the list will be available at the Parish Office.     

3) බාල සමාජයේ දැන්විමක්.

අප බාල සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම 2023 දෙසැම්බර් මස 10 වන ඉරුදින දින ප.ව. 4.00 ට පැරණි පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලු සාමාජිකයින්ගේ පැමිණීම අපේක්ෂා කර සිටියි.

Notice from the Junior Guild.

The Annual General Meeting of the Junior Guild will be held on the 10th December 2023 at 4.00pm. All members are expected to attend.

4) මව් සමිතියේ දැන්වීමක්.

අප මව් සමිතියේ 82 වන සංවත්සරය සහ අළුත් නිලධාරීන් බඳවා ගැනීමේ දේවමෙහෙය 2023 දෙසැම්බර් මස 8 වන දින සවස 4.00 ට කුඩා දෙව්මැදුරේදී පැවැත්වේ. සියළුම සාමාජිකාවන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.   

Notice from the Mothers Union.

The 82nd Anniversary Thanks Giving Service of the Mother’s Union will be held on the 8th December 2023 at 4.00pm. New members are being dedicated on that Anniversary service. All members are expected to be present at this service.

5) Notice from the Sunshine Home.

Sunshine Home wishes to thank all those who helped to make the Sunshine Home Sale a success.  

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

පසුගිය ඉරුදින (නොවැම්බර් 26 දින) පැවැත් වූ අපගේ වාර්ෂික සල්පිල බෙහෙවින් සාර්ථක වූ බව සතුටින් දන්වා සිටිමු. 

එම සාර්ථකත්වය ඔබ සැමට අප වෙත ලබාදුන් පරිත්‍යාගශිලිත්වය,  දායකත්වය සහ සහයෝගය නිසා බව ආදරයෙන් මතක් කරමු.

පියතුමන්ලා ඇතුළු ඔබ සැමට අපගේ ගෞරවනිය ප්‍රණාමය පුද කර සිටිමු.

6) ඉවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්.

1)“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන දෙසැම්බර් මස 16 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 10.30 දක්වා විශේෂ නත්තල් වැඩසටහනක් ලෙස පළාත් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින දේශනය අප පළාතභාර ගෞ.මලින්ද ද මැල් පියතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම ඉතා අගයකොට සලකන්නෙමු.

2)රෝහල්ගත වූවන්ගේ සුවදුක් විමසා, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට වැඩසටහනක් අප දේවස්ථානය මගින් සංවිධානය කිරීමට කටයුතු කර ඇත. ඒ සදහා පවත්වනු ලබන පෙරහුරු වැඩසටහනක් 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත අතර එයට ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වීමට කැමති ඔබගේ නම් පළාත් කාර්යාලයට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

6) Notices from the Evangelical committee.

1)“ Sudathun Hamuwemu” spiritual program has been arranged to be held on Saturday 16th of December from 8.30am – 10.30am as a special Christmas program at the Parish Hall.

The Preacher will be the Incumbent of our church Rev. Malinda de Mel.

We appreciate your presence. 

2)Our church has organized a program to inquire about the well – being of the hospitalized and pray for them. A rehearsal program for that purpose is scheduled to be held in January 2024 and those who wish to volunteer for it are requested to give your names to the Parish Office. 

7) An English book titled “Beyond Check – Point” written by Rt. Rev. Duleep de Chickera. (Bishop Emeritus) Could be obtained from the Parish Office at Rs.1000/=

විශ්‍රාමික දුලීප් ද චිකේරා බිෂප්තුමා විසින් ලියන ලද  “Beyond Check – Points” නමින් ඉංග්‍රීසි පොත රු. 1000/= ට පළාත් කාර්යාලයෙන් ඔබට මිල දී ගත හැකිය.

Leave a comment