Skip to content Skip to sidebar Skip to footer

Notices for 31/12/2023

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

A) අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.

දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය) 

ජනවාරි  1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි 

ජනවාරි  1 වන දා උදැසන 7.30ට – සිංහල

ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)

දෙසැම්බර් මස 31 වන ඉරුදින එනම් අද දින උදැසන 7.30 සිංහල එක් දේවමෙහෙයක් පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

B) සුව කිරීමේ දේවමෙහෙය යලි ආරම්භ වන්නේ ජනවාරි මස 11 වන බ්‍රහස්පතින්දාය. 

බයිබල් අධ්‍යනය යලි ආරම්භ වන්නේ ජනවාරි මස 10 වන බදාදාය.

C)2024 වසරේ සිට ගීතිකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස එස්වලාල් ද මැල් මහතව පත් කරන ලදී. 

ඉරුදින පාසලේ දැන්වීමක්.

ඉරුදින පාසලේ සංගීත අංශය සදහා ගුරු පුරප්පාඩු කිහිපයක්ම ඇති අතර ගුරු මණ්ඩලයට බැදීමට කැමති අයෙක් වේ නම් වැඩි විස්තර සදහා සම ලේකම්වරුන් සම්බන්ධ වන්න.

පළාතභාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

පළාත් සභා මණ්ඩල රැස්වීම

සියළුම පළාත් සභා මණ්ඩල සාමාජිකයින් සඳහා

මොරටුව ශු. එම්මානුවෙල් දේවස්ථානයේ පළාත් සභා මණ්ඩල රැස්වීම හෙවත් PCC රැස්වීම 2024 ජනවාරි මස 07 වන ඉරිදා පෙ.ව. 9.30 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. එම රැස්වීම නියෝජනය කරන සියළුම නියෝජිතයින්ට එයට සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු. එදිනට න්‍යාය පත්‍රය පහත සඳහන් වේ.

න්‍යාය පත්‍රය

  1. ආරම්භක යැදුම
  2. 2023.12.10 දින පැවතී සමුහයාගේ මහා සභා රැස්වීමට ඉදිරිපත් කල යෝජනා සාකච්ඡා කිරීම.
  3. අවසාන යැදුම 

ගෞ. මලින්ද ද මැල්                                                          මොහාන් පීරිස් 

පළාත භාර පියතුමා                                                           ලේකම් – භාරකාර මණ්ඩලය 

20.12.2023 

ශු. එම්මානුවෙල් දේවස්ථාන පළාතේ විශේෂ මහා සභා රැස්වීම

මොරටුව ශු. එම්මානුවෙල් දේවස්ථානයේ පළාතේ විශේෂ මහා සභා රැස්වීමක් 2024 ජනවාරි මස 21 වන ඉරු දින පෙ.ව. 9.30 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. එදිනට න්‍යාය පත්‍රය පහත සඳහන් වේ.

න්‍යාය පත්‍රය

  1. ආරම්භක යැදුම
  2. 2024.01.07 දින පළාත් සභා රැස්වීමේදී සාකච්ඡා  කල යෝජනා සම්මත කර ගැනීම. යෝජනා හි ඡායා පිටපත් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.
  3. අවසාන යැදුම 

ගෞ. මලින්ද ද මැල්                                               මොහාන් පීරිස් 

පළාත භාර පියතුමා                                                ලේකම් – භාරකාර මණ්ඩලය 

30.12.2023