Skip to content Skip to sidebar Skip to footer

Notices for 03/03/2024

3/3/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

1) අප දේවස්ථානය තුළ whatsapp කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර එම QR කේතය ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. ඒ සදහා කිහිපදෙනෙකු දේවමෙහෙයෙන් පසුව ඔබට උදව් කරනු ලබන අතර එම QR කේතයේ ජායා පිටපතක් අප දැන්වීම් පුවරුවේ සහ පළාත් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත. එය භාගත කර ගත හැකි අය භාගත කිරීමෙන් අපට සහය වන්න. ඉදිරියේදී දේවස්ථානයේ සියලු කාර්යන් හා තොරතුරු ඔබ වෙත දැනගැනීමට මෙමගින් සලස්වනු ලැබේ. 

එබැවින් මෙම whatsapp කණ්ඩායමේ ලියාපදිංචි වි මෙය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. 

2) 2024 වර්ෂය සදහා ස්ථිර වීමේ පංති මාර්තු මස 3 වන ඉරුදින එනම් අද දින සිට ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

Notices from the Incumbent.

1) We have created a Whatsapp group in our church and have started registering the QR code. There will be ushers who will be helping you with the registration. It has been displayed on the Notice Board as well as at the Parish Office. Those who know how to download the QR code Pls do So, you will be able to receive updates, events and many more parish information through this group. 

We kindly request you to assist us by registering to this WhatsApp group and appreciate your fullest cooperation to make it a success. 

2) Confirmation classes for this year 2024 will be held today (Sunday 3rd of March) after Sunday School.

පළාතභාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

අප පළාතේ දරුවන් දේවමෙහෙයන් වලට සහ ඉරුදින පාසැලට පැමිණීමේ අඩුවක් තිබෙන බැවින් එය වර්ධනය කර ගත හැකි ආකාරය පිලිබද යෝජනාවලියක් අන්‍යෝන්‍ය සහයකාර සංගමය මගින් ඉදිරිපත්  කර ඇත. මෙය ක්‍රියාත්මක කල යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කරගනීමේ අරමුණින් 2024 මාර්තු මස 3 වන ඉරුදින එනම් අද දින උදැසන 9.30 ට රැස්වීමක් නව පළාත් ශාලාවේදී පැවැත්වේ. මෙය ඉතා වැදගත් කාර්යක්  බැවින් මෙම රැස්වීමට සහභාගී ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

Notices from the Incumbent & Board of Wardens.

Since there is a lack of participation of our children in attending to the Church and Sunday school, the senior guild has presented a proposal explaining how to develop their active participation in our church activities. Therefore, a meeting will be held today (Sunday 3rd March 2024) at 9.30am in the new hall to discuss how to improve this proposal and to appoint a committee for the same.  As this is a very important matter, we kindly request you to give your valuable comments by participating on that day. 

වේල්ස් කුමරි විදුහලේ දැන්වීමක්.

මෙවර ආදී කතු දින දේවමෙහෙය 2024 මාර්තු මස 4 වන සදුදා දින උදැසන 9.00 ට දේවස්ථානයේ දී පැවැත්වෙන අතර එයට සහභාගි වන ලෙස ආදී ශිෂ්‍ය/ /ශිෂ්‍යාවන්ට ඇරයුම් කර සිටියි.

Notice from the Princess of Wales’ College Union.

Founders Day service of Prince & Princess of Wales’ College will be held on Monday 4th March 2024 at 9.00am in the Church. All old girls & old boys are invited to participate in the service.

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

සන්ෂයින් නිවාසයේ කොඩි දිනය 2024.03.10 දිනට යෙදී ඇත. ඔබත් කොඩියක් මිලදී ගෙන ඔබගේ සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමු. 

Notice from the Sunshine Home.

The Flag Day of the Sunshine Home will be held on Sunday 10th March 2024. Please help them by purchasing a Flag.

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්.

“මාගේ කුරුසි ගමන” චතාරික කාලයේ ආත්මික වැඩසටහන, මෙම මස 23 වන දින උදැසන 8.30 සිට සවස 6.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශකයන් වනුයේ, ගෞ. අනුරුද්ධ බණ්ඩාර දේවගැතිතුමා, ගෞ. තරංග චාම්මිලාල් දේවගැතිතුමා සහ සමීර වීරප්පෙරුම සහෝදරතුමා.

වයස අවු.8 න් පහළ දරුවන් සදහා ජිවකුමාරන් මහතා හා එම කණ්ඩායම විසින් මෙය මෙහෙයවනු ලබයි.  අදාල අයදුම්පත්‍ර 17 වන ඉරුදිනට පෙර පළාත් කාර්යාලයට භාර දෙන්න. 

Notice from the Evangelical Committee. 

“My Way of the Cross” lent season spiritual programme, will be held on 23rd of this month from 8.30am to 6.30pm at the Parish Hall. The preachers will be Rev. Anuruddha Bandara, Rev. Tharanga Chammilal and Bro. Sameera Weerapperuma.

Mr. Jeewakumaran and his team conducts that time for children under 8 years. Please handover the relevant application to the Parish Office on or before Sunday the 17th.