Skip to content Skip to sidebar Skip to footer

Notices for 10/03/2024

10/3/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

1) අප දේවස්ථානය තුළ whatsapp කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර එම QR කේතය ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. එම QR කේතයේ ජායා පිටපතක් අප දැන්වීම් පුවරුවේ සහ පළාත් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත. එය භාගත කර ගත හැකි අය භාගත කිරීමෙන් අපට සහය වන්න. ඉදිරියේදී දේවස්ථානයේ සියලු කාර්යන් හා තොරතුරු ඔබ වෙත දැනගැනීමට මෙමගින් සලස්වනු ලැබේ. 

එබැවින් මෙම whatsapp කණ්ඩායමේ ලියාපදිංචි වි මෙය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. 

2) අද දින ස්ථිර වීමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

Notices from the Incumbent.

1) We have created a Whatsapp group in our church and have started registering the QR code. It has been displayed on Notice Board as well as at the Parish Office. Those who know how to download the QR code Pls do So, you will be able to receive updates, events and many more parish information through this group. 

We kindly request you to assist us by registering to this whatsapp group and appreciate your fullest cooperation to make it a success. 

2) Confirmation classes will be held today after Sunday School.  

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

සන්ෂයින් නිවාසයේ කොඩි දිනය අද දිනට යෙදී ඇත. ඔබත් කොඩියක් මිලදී ගෙන ඔබගේ සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමු. 

Notice from the Sunshine Home.

The Flag Day of the Sunshine Home will be held today. Please help them by purchasing a Flag.

තරුණ සංගමයේ දැන්වීමක්.

තරුණ සංගමය විසින් ලෙන්ත කාලය අරමුණු කොටගෙන අවයව දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙය මාර්තු 30 වන සෙනසුරාදා දින පෙ.ව.10.00 සිට පැරණි පළාත් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  මේ පිලිබදව දැනුම බෙදා දීම සදහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද සහභාගී වේ. මෙම වැඩසටහනට සහභාගී වන ලෙස ඉතා ගෞරවයෙන් ඔබ සැමට ආරාධනා කර සිටියි. 

Notice from the Youth Fellowship.

The youth fellowship respectfully invite you to join in hands for an Organ donation programme conducted by professional doctors this lent season on the 30th of March from 10.00am onwards at the old parish hall.  

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.

අප සංගමය මගින් චතාරික කාලයට සමගාමීව “වත ඉරා නොව” මාතෘකාව යටතේ වැඩසටහනක් හොරේතුඩුව ක්‍රිස්තු දේවස්ථානයේ දී මාර්තු මස 16 වන සෙනසුරාදා දින උදැසන 9.00 සිට 11.00 දක්වා, එම දේවස්ථානය භාරව කටයුතු කරන ප්‍රියන්ති පැල්පොල සහෝදරතුමිය විසින් මෙහෙයවනු ලබනවා ඇත. ඒ සදහා ඔබ සැමට ආරාධනා කර සිටියි. පැමිණීමට කැමති අයෙකුට ගමන් පහසුකම් අවශ්‍යය නම් ඒ බව පළාත් කාර්යාලයට දන්වන්න. 

Notice from the Senior Guild.

The Lenten Programme organized by the Senior Guild will be held on Saturday 16th of March from 9.00am to 11.00am at Christ Church Horethuduwa. It will be conducted by Sister. Priyanthi Palpola. All are Welcome. If a person who wants to come for that needs transport, inform the Parish Office.  

කඩලාන සුවකිරීමේ ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානයේ දැන්වීමක්.

“අවුරුදු පොළක් හා සැණකෙළියක් අප්‍රේල් මස 4,5,6 සහ 7 කඩලාන මැටිවත්ත ක්‍රීඩාංගනයේදී සවස 2.00 සිට පැවැත්වේ. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරගැනීමට සහ අධ්‍යාපනික ශිෂ්‍යාතව අරමුදලට ආධාර පිණිස මෙය සංවිධානය කර ඇති අතර එය සාර්ථක කර ගැනීම සදහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියි. එහි ටිකට් පතක් රු.100/= කට අද දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසුව ඔබට මිලදී ගත හැක. ඒ සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the Church of Healing Christ the King -Kadalana.

Carnival and New Year Fair to raise funds for the renovation of the church and for the Educational Scholarship Fund will be held on 4th,5th,6th and 7th of April at Matiwatte playground starting at 2.00pm each day. All are invited. See notice board for more details.   

එගොඩ උයන ශු.යාකොබ් තුමාගේ දේවස්ථානයේ දැන්වීමක්.

චතාරික සමයට සමගාමීව දේවස්ථානයේ පියවරුන්ගේ සමිතිය මගින් “වේ ප්‍රශංසා ”  නමින් නමස්කාර සැදැවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහෙයවීම චාල්ස් තෝමස් සහෝදරතුමා විසින් මාර්තු මස 24 වන ඉරුදින ප.ව.5 සිට රාත්‍රී 8.00 දක්වා දේවස්ථාන භූමියේදී පැවැත්වේ.   

Notice from the St.James’ Church – Egodauyana.

Senior Guild is organizing a worship programme “වේ ප්‍රශංසා” during the lent season. It will be conducted by Brother Charles Thomas on Sunday 24th March from 5.00pm to 8.00pm in the church premises.  

ගෘහ සෛල.

2024 මාර්තු මස 14 වන බ්‍රහස්පතින්දා දින හි  ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.

1)ප්‍රසන්ත සහ ශර්මලි ද සිල්වා නිවස  

28,ලේඩි ද සොයිසා ඩ්‍රයිව්,උයන.

14 වන බ්‍රහස්පතින්දා

ප.ව. 7.00 ට

Home Cell

Prayer cell will be held at the following residence on Thursday 14th March ‘2024.

1)Prasantha and Sharmalee de Silva’s residence 

28, “CONRADIA ” Lady de Soysa Driver,Uyana

Thursday 14th March

@7:00 pm

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ දැන්වීමක්.

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය විසින් මෙහෙයවීමෙන් “JESUS මනුෂ්‍ය පුත්‍රයා” යනුවෙන් නාට්‍යක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල රංග ශාලාවේදී 2024 මාර්තු මස 30 වන සෙනසුරාදා දින උදේ 10.30 ට පැවැත්වේ. එහි ටිකට් පතක් රු.200/= ක් වන අතර ටිකට් පත් පළාත් කාර්යාලයෙන් මිලදී ගත හැක. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.  

Notice from the Christian Workers Fellowship.

A stage drama “JESUS මනුෂ්‍ය පුත්‍රයා” organized by Christian Workers Fellowship will be held at S. Thomas College theater on Saturday 30th March at 10.30am. Tickets priced at Rs.200/= can be purchased from Parish Office. See notice board for more details.